Saturday, March 30, 2013

10.

පාවෙන පින්න මල් මද පවනේ
ඔබ වගෙයි, ගෙවන දඟකාර ජීවිතේ
සැඩ සුළං ඒවී ඔබ දුර රැගෙන යන ලෙසේ
පාවෙලා විත් රැඳෙනු හද මත
රැකගනිමි මගේ පණ වගේ...

09.

සිනා සෙන්නට සිතක් නැතිමුත්
ඔබ මගෙන් බෝ දුරක් ගිය දා
සිනා සෙන්නම් මසිත රවටා
දෙනෙත් අග රැඳී කඳුළු පිසදා...

Friday, March 15, 2013

08.

නිල් අහස ලස්සනයි කොහේවත් ඉවරයක් නෑ
මේ පොළව විසාලයි කොහේවත් ඉවරයක් නෑ
මගෙ ආදරෙත් එසෙයි කොහේවත් ඉවරයක් නෑ
කීව ඔබ දුර ගිහින් අද මගේ ලඟින් නෑ
ආදරේ ඉවරයක් තිබුනත් විඳින දුක ඉවරයක් නෑ...