Sunday, February 17, 2013

07.

දුක අසා ලඟින් හිඳ
කඳුළු කැට අතින් පිස
හිස අතගා සෙනෙහෙ පුදා
ඇතුළු වුනේ ඇයි හදවතට ඔබ?

ජිවිතයේ ඉතිරි දුර
ළඟ ඉඳන් ගෙවන්නට
අතින් අත පටලවන්
යනෙන ලෙස ඉඟිකළේ කිම?

සෝ කඳුළු ගංගාවෙ
පාළුවේ පාරුවේ
ඔබ නමැති හබල නෑ අද
බෝ දුරයි සතුටු සාගරේ...

පිහිනන්න හැකි උවත්
ගඟේ සැඩ පහර මැද
හිනැහෙන්න බෑ මසිත
ඔබ නැති දුකින් මගහැර...

Monday, February 4, 2013

06.

සිනහවේ රන් ඉරක් ඔබෙ වතේ පායද්දි
ආදරේ සුදු නෙළුම් ඔබෙ වතේ පූදිද්දි
බාධාවෙ වැට කඩොළු මග අවුරා ඉද්දි
සෝ දුකේ කදුළුබිඳු හදවතේ ඉකිබිඳී...