Sunday, April 21, 2013

11

හිත ලඟින් ඇවිදලා
සිනා සුළඟක් ගෙනල්ලා
ආදරේ විශ්වයේ මා එක්ක සැරිසරා
යන්න ඔබ - එන්න මා වෙත
දෑත් පටලා ලංවෙලා

හිතට හිත ගුලිවෙලා
නෙතට නෙත ඉඟිමරා
විහඟුන්ට මල්වලට ආදරේ වපුරලා  
අපි අපිට ලංව ඇවිදිමු දෑත් පටලා එක්වෙලා

නිදි නොලද රෑ කළුවරේ
නෙතු පියන් ඈත සිහිනේ
පාවෙලා පියඹලා හීනයෙන් ගොඩවෙලා
අපි අපිට ලංව ඇවිදිමු දෑත් පටලා එක්වෙලා

1 comment:

  1. අපි හැමෝටම හීන තියෙනවා.. ඒ හීන එක්ක ජිවත් වෙන්න විතරක් නෙවේ,හීනයක් තියන් ජිවත් වෙන්න වගේම හීන හැබෑ කරගන්න.. අගෙයි!

    ReplyDelete