Sunday, February 17, 2013

07.

දුක අසා ලඟින් හිඳ
කඳුළු කැට අතින් පිස
හිස අතගා සෙනෙහෙ පුදා
ඇතුළු වුනේ ඇයි හදවතට ඔබ?

ජිවිතයේ ඉතිරි දුර
ළඟ ඉඳන් ගෙවන්නට
අතින් අත පටලවන්
යනෙන ලෙස ඉඟිකළේ කිම?

සෝ කඳුළු ගංගාවෙ
පාළුවේ පාරුවේ
ඔබ නමැති හබල නෑ අද
බෝ දුරයි සතුටු සාගරේ...

පිහිනන්න හැකි උවත්
ගඟේ සැඩ පහර මැද
හිනැහෙන්න බෑ මසිත
ඔබ නැති දුකින් මගහැර...

1 comment:

  1. ලැබුණ දිවි විද ගන්න
    නිදහ‍සෙ පියඹන්න
    වගකීම අඩුවෙන්න
    දුක් නොවී තනි වෙන්න

    ReplyDelete